Friday, May 31, 2013

“නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ?

අදවන විට ශ්‍රී ලංකාව පුරා කාම රැල්ලක් මතු වී ඇත. කාන්තා නිදහස කියාගන්නා වල්බූරු එළදෙන්නුන් විසින් සිය කුණු ඕජස් පිරුණු පංචස්කන්ධය වැඩි කොටසක් විවෘත කැගනිමින් පහත් ලිංගික තෘප්තියක්ලබති. අම්මලා දරුවන් සමග යන්නේ ත්‍රී-ක්වාටර් හෝ හැකිනම් ඊටත්වඩා කුඩා ඇදුම් අදිමින්ය. පිරිමි නම්න් පෙනී සිටින නපුන්සකයෝ සිය සහකාරියට සිය නිරුවත සමාජයට පෙන්වීමට ඉඩ දී බලා සිටිති.
නිරුවත පෙන්වීම මානසික ලෙඩක් ලෙස අද හදුනාගෙන ඇත. එය ප්‍රදර්ශන කාමය නම් මනෝ රෝගයයි. එයින් ලිංගික සන්තර්පණය ලබන පහත් අමන කාන්තා යන නමට පවා කැලැලක් කරන එළදෙන්නුන් තමන්ගේ පහත් ආශාවන් ඉටුකර ගැනීමට පොදු ප්‍රවාහන සේවා යොදා ගනිති. හදිසියේ හෝ පිරිමියෙකුගේ අතක් වැදුන විට කෑ ගසමින් තමන්ට අතවර කරනවා යැයි කෑ ගසති. බස්රථය තුල සිටින පිරිමින්ද ලකුණු දමා ගැනීමට අර අසරන පිරිමියාට පහර දී පොලීසියට භාර දීමට කටයුතු කරති.
එදා හෙළ වනිතාව විලුඹට ආසන්න වන තෙක් සිය යටි ඇදුම ඇන්දාහ. උඩු ඇදුම ඇද තුවායක් වැනි යමක් කර වටා දමාගත්තාහ.

පෙකනිය නොදක්වා
සලු අද බොලට දක්වා
නොපව තන සක්වා
සිනා නොමසෙන් දසන් දක්වා

ඒ අපේ හෙල වනිතාවට දුන් උපදෙස්ය. එකල ස්ත්‍රී දූෂණ වාර්තා වූයේකලා තුරකිනි. මේ පිරිමියා සුදනකු කරනුයේ නොවේ. ස්ත්‍රී දූෂණ වලට පුරුෂයා මෙන්ම ස්ත්‍රියද 50% ගණනේ වගකිය යුතුය යන්න මගේ අදහසයි.
මහා ප්‍රජාපතී ගෝතමි මහ රහත් භික්ෂුනීන් වහන්සේ පිරිනිවන් පෑමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටි වේලේ බුදු රජාණළුන් වහන්සේගේ ඉල්ලීම පිට ඍද්ධි ප්‍රාතිහාර්යය පෑසේක. උන්වහන්සේ ඉහළ අහසට පැන නැගුනේ වාඩි වී සිටි බංකුවත සමගය. මන්ද යත් උඩ බලනා අයට කාමුක චේතනා ඇතිවේය යන බිය නිසාය. ඉන් උන්වහන්සේට පාපයක් සිදු නොවෙතත් බලන් සිටින්නන්ට එය අවැඩක් වූ නිසාය. මින් ගම්‍ය වන්නේ නිරුවත පෙන්වමින් සිය පහත් කාම ආශාවන් සපුරාගන්නන් හට සිදුවන්නේ මහා අකුසල කර්මයක්බවය.
බුදුරජාණන් වහන්සේ ආදිත්තපරියාය සූත්‍රයේ සදහන් කලේ රූපය නිමිති කොට ආශ්වාදයට ගිජු වූ විඤ්ඤාණයක් ඇතිව කලුරිය කලහොත් අනිවාර්යෙන් තිරිසන් හෝ සතර අපාය යන දෙකින් එකක උපදින බවය. එසේනම් එවන් රූප මවා පාන්නන්ට කෙතරම් පාපයක් සිදුවේද? මා නිසා කිසිවෙක් කාමය ඇතිකර ගනීනම් එහි පාපය මට ගෙවා දැමීමට කවදා ලබේද? මෙහිදී සදහන් කල යුතු වැදගත් දෙයක් ඇත. තමන් සාමාන්‍ය පරිදි ඇදුමක් ඇද යද්දී කිසිවෙක් කාමුක චේතනාවක් ඇතිකර ගනීනම් එයට අප වග කිව යුතු නැත. එහෙත් වර්තමානයේ සිදුවන්නේ අන්අය අතර කැපී පෙනීමට, අන් අය තමා දෙස බලවා ගැනීමට හැකි තරමින් නිරුවත් වීමට උත්සාහ කිරීමයි. සැබැවින්ම මෙය මානසික ලෙඩක් නොවේද? වරක් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් කාන්තාවක් අසා ඇත්තේ මේ හෙළ රටේ දිනකට කාන්තාවන් පහක් දූෂණය වීම ගැන උන්වහන්සේගේ අදහසයි. උන් වහන්සේ ප්‍රකාශ කලේ මේ ගනන හොදටම ප්‍රමාණවත් නොවන බවයි. දිනකට සියයක් දෙසීයක් සිදු උනානම් හොද බවය. ඊට හේතුව නම් කාන්තාවන් නිරුවත් වන විට ස්ත්‍රී දූෂණ ඉහල යන බවයි.
වරක් භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රේතියක් පෙනී සිටියාය. ඇගේ මුහුණ කුණු වී ඕජස් ගලමින් සිටියාය. ස්වාමීන් වහන්සේ සමග පිලිසදරින් පසු මුහුණ කුණුවීමට හේතුව විමසා සිටිවිට ප්‍රේතිය පවසා සිටියේ තමන් වයස අවුරුදු හතලිස් පහ පසුකර තිබියදීත් මුහුණ “ මේකප් ” කරමින් පිරිමින් රැවටූ බවයි. ඔවුන්ගේ සිත්වල කාමුක චේතනා ජනනය කිරීමේ ප්‍රතිඵලය ලෙස මේ භවයේ තමන් ප්‍රේතියක්ව මුහුණ කුණු වී දුක් විදින බවයි.
පින්වත් නංගියේ,  මේ කරුණු ඔබට තදින් කියාසිටියේ ඔබ කෙරේ ඇති ලැදියාවෙන්මය. ඔබ කෙරේ ඇති මෙත් සිතින්මය. මා පිලිකුල් භාවනාව කරමි. එතුලින් සිතෙහි කාමුක චේතනා ඇතිවීම වලක්වා ගනිමි. ශරීරයේ අස්ථිරතාව දකිමි. එහෙත් මෙරට සියල්ලන්ම පිලිකුල්භාවනා කරන පිරිමි අයවලුන් නොවේ. ඔබේ අග පසග පෙනෙන විට ඔව්නුගේ දඩබ්බර සිත කලබල උවහොත් ඔබට සිදුවන්නේ අවැඩකි.
මා ඔබට උදාහරණයක් කියන්නම්. වරක් බස් රථයක් තුල මේ අයුරින් ගමන්කල “ගැටිස්සියක්” මත සිය අතක් වැදුනු (හො වැද්දූ) තරණයකු ඇගේ කෑ ගැසීම හමුවේ අසරණ විය. කෑගැසීමෙන් නොනැවතුන ඇයි සිය පාවහනක් ගලවා ඔහුගේ මූණට පහර දිනි. අවසානයේ සිදුවූයේ කුමක්ද? ඇගේ නිරුවත් මල සිරුර පාලු වලකින් හමුවීමයි.

මේ බලන්න අපේ අතීත කාන්තාව. වරක් ගමණක් ගිය අවිවාහක තරුණියක් දුටු තරණුයෙකු ඇගෙන් ඉල්ලීමක් කලේය

අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගේ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගේ
සැමියෙක් නැතිගමන් තනියම කිම්ද නගේ
අම්බලමේ නැවතී ඉද යම්ද නගේ


තරුණිය දැක් වූ ප්‍රතිචාරය කුමක්ද? කනට ගැසුවාද? නැත මේ බලන්න‍.

අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිලිදුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා


බලන්න අවිවාහක තරුණිය උපක්‍රම භාවිතා කර එතනින් ගැලවී ගිය හැටි. හොදින් මතක තියාගන්න. ඇයි අවිවාහක තැන්තියක් වෙලත් තමන් ඇය තමන් ළදරුවෙකුගේ මවක් බව පවසන්නේ සල්ලාලයාගේ අනුකම්පාව දිනා ගැනීමටයි. බාල මස්සිනා එන බව පවසන්නේ තමන් ආරක්ෂිත බව පෙන්වීමටයි. බලන්න පින්වත් යාලුවනේ මොනතරම් අගය කලයුතු තරැණියක්ද ?
අද වනිතාව කාන්තා අයිතිවාසිකම් ඉල්ලා සිටින්නියන් තමන්ගේ යුතුකම් හා වගකීම්කෙතරම් දුරට සිදුකරත්ද?
බුදු හිමියන් දේශනා ‍කලේ කාන්තාවට සම තැන නොව නිසි තරන දෙන ලෙසයි. මන්ද කාන්තාව නිසා අකටයුතු සිදුවන බව පෙන්වා දී ඇත. එය සූත්‍ර දේශනා වල අනන්තවත් දක්වා ඇත. භික්ෂුනී ශාසනය ඇති කිරීම නිසා වසර දස දහසක් පවතින බුදු සසුන වසර පන්දහස දක්වා අඩුවන බව දේශනා කර ඇති බව මා අසා ඇත.
එසේ හෙයින් පින්වත් කාන්තාවනි. තමන් සිංහල කාන්තාවක් බව නිතර සිහියට ගන්න. විහාර මහ දේවිය වැනි උත්තමාවියන් මේ රට රැක්කාහ. ඔබත් ඒ පරපුරේ තැනැත්තියන්ය. අභිමානවත් හෙළ බොදු ලියක් වන්න. පංච කාමය මත විනාශ නොවන්න. මේ සියල්ල ඔබේත් රටේත් ජාතියේත් යහපත වෙනුවෙන් අපමණ මෙත් සිතින් යුතුව ලියා තැබූ බව දන්වා සිටිමි.

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවම සැනසෙවා ... ... ...


එරන්ද ලක්මාල් ද සිල්වා විසින් ලියූ ලිපියකි.. කාලීන බවකින් යුතු බැවින් SLPeople Magazine තුලින් උපුටා ගන්නා ලදී.

Friday, October 26, 2012

පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද?

ඔන්න ඉතිං සෑහෙන කාලෙකින් කටාට එන්න බැරි උනානේ...
කටාට වැඩය අම්බානට ...
මාරම වැඩය..ඒකය එන්න බැරිඋනේ...දැන් හරිය.
අද කටා ආවේය...


අන්තර්ජාල පිටු පෙරලමින් ඉන්නා විටදී කටාට වැදගත්යැයි සිතිය හැකි ලිපියක් හම්බුනි ...ඔයාලට ගෙන ආමි ...උපුටා ගැනීමකි...




පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබට..



සිය පෙම් සබඳතාව බිඳී යෑම දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස ගණනින් හඬමින් කල්පනා කරන්නේ යළිත් තනිකඩ දිවියට මූහූණ දෙන්නේ කෙසේද යන්න සිතමිනි. තවද සිදුවූයේ කුමක්ද දෙදෙනා අතර මහත් වූ ගැටළුව කුමක්දැයි ඔබට සේම ළඟින් ඇසූරු කළ සැමටම ගැටළුවකි. එහෙයින් මව්පියන් හෝ මිතුරු මිතුරියන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම සියල්ලටම වඩා කරදරයකි.
විවාහවීමට සිතා දිගු කලක් එකට කල් ගෙවීමෙන් ඔහූ/ඇය පිළිබඳව ඥාතීන් සේම මිතුරන් සියල්ලම දනිති. එවිට බස් රියේදී, දුම්රියේදී, කාර්යාලයේදී, අසල් වැසියන් හා ඥාතීන් හමූවූ විටදී ඔහූ පිළිබඳව විමසීම අමතක කිරීමට වෙර දරණ අතීතය යළි සිහිපත් වීමකි.
මීළඟට සියලු ගමන් බිමන්වල යෙදුනේ ඔහූ/ඇය සමගිනි. ඇඳුම් පැළඳුම් ආයිත්තම් තෝරා දුන්නේ ඔහූ/ඇය විසිනි. මිතුරෙකුගේ සාදයකට හෝ මංගල උත්සවයකට ගියේ ද ඔහූ/ඇය සමගිනි. ඔහූගේ/ඇයගේ ඈත්වීමෙන් ඒ සියලු දේ තනිවම ඉටූකර ගැනීමට සිදුවීමද එක්තරා අන්දමක අභියෝගයකි. එහෙයින් ඔබේ වේදනාකාරී හූදකලා දිවියට අමතරව අලුත් වගකීමක් දැරීමට ද සිදුවෙයි.
ඒ අයූරින් ඔහූ/ඇය හදිසියේ කුමන හෝ පදනමකින් ඔබෙන් ඈත් වූවොත් අලුත් හූදකලා දිවියට ඔබ ඉකිමනින් හූරුවන්නේ කුමන උපක්‍රම තුළින් දෑයි විමසා බලමූ.
ඔහූ/ඇය සිතින් පළවා නොහැරීම
දරා ගනූ බැරි වේදනාවක් හිමිකර දී ඔහූ/ඇය ඔබ හැර ගියේ නම් ඔහූ සිතට බලපාන ආකාරයෙන් ඈත් කිරීමට වෙර දෑරීම සූදුසූ නොවේ. යැයි ප්‍රකට සායනික මනෝ වෛද්‍යවරියක වන වර්කා වූලනී පවසන්නීය. ඒ වෙනූවට කළයූතු වඩාත්ම වැදගත්ම දේ වන්නේ ඔහූ/ඇය හැර ගිය හේතුවට යථාර්ථවාදීව බැල්මක් හෙළීමයි. එය දෙස ශුභවාදී ආකල්පයකින් හෙවත් එය සිදුවූයේ යහපතට බව සිතීමයි. හැරගිය ඔහූ/ඇය යළි සිහිපත් නොකරන්නේ යැයි සිතන තත්ත්පරයකින් යළිත් ඔහූ/ඇය සිහිපත් වීම ස්වාභාවිකයි. එහෙයින් ඔහූ/ඇය අමතක කිරීමට මූලිකවම උත්සාහ නොදරන්න.
බොහෝ පෙම් සබඳතා බිඳී යන්නේ හදිසි සිදුවීමක් ලෙසිනි. එම හැර යාමට අවශ්‍ය මූලික ස්ථාවරත්වයක් මාස ගණනකට පෙර සිටම ක්‍රියාත්මක වේ. ඒ අතර මූලින්ම ඇත්තේ දෙදෙනා අතර ඇති කුමන හෝ නොගැලපීම්ය. එය මානසික, ධනය, රැකියාව රුචි අරුචිකම් උගත්කම ආදී වශයෙන් විවිධාකාර වූ නොගැළපීම් වීමට හැකියි.
එහෙයින් එම සබඳතාවය අමතක කිරීමට ඇති පහසූම මඟවන්නේ සබඳතාවය පවතිද්දී ඉස්මතු වූ නොගැළපීම් හා එයින් දෙදෙනා අතර මතු වූ ගැටීම්ය. ඒවා දිගින් දිගටම නිරන්තරයෙන්ම සිදුවූ අන්දම සිහිපත් කළ විටදී එය නොගැළපෙන සම්බන්ධතාවයක් බව ඔබට වැටහේ. එයට අමතරව විවිධ මත ගැටූම් හා අදහස් නොගැළපීමෙන් ඔබට සිදු වූ ලැජ්ජාවත් හා හැඬූ දිනයන් සිහිපත් කරද්දී එම ඈත්වීම් සියූම් සාධාරණයක් හා යහපතකකි. මීළඟට ඔබ සිතිය යූත්තේ ඔහූ/ඇය සමග දිගින් දිගටම ඇසූරු කළේ නම් හෝ විවාහ වූයේනම් විඳින්නට සිදුවන හිරිහැර හා මානසික වේදනාවන්ය. එවිට ඔබේ සිතින් එම සබඳතාව බිඳ යෑමෙන් ඇති වූ වේදනාව දුරුවේ.

එහෙයින් පෙම් සබඳතාවයක් බිඳීගිය විටදී ඔබට මෙම උපක්‍රම කිහිපයත් අනූගමනය කිරීමට හැකියි.

1. සූපූරුදු පරිසරය අත් හැර අලුත් පරිසරයකට ඇතුළුවන්න.
2. අලුත් මිතුරන් පිරිසක් අතරට එක්වන්න
3. කාර්යාල සේවිකාවක්/සේවකයෙක් නම් හැකිතරමින් රාජකාරියේ නිතරවන්න.
4. වසරක තරම් කාලයක් සහමූලින්ම යෙදිය හැකි අලුත් ප්‍රයෝජනවත් පාඨමාලාවක් හදාරන්න.
5. සබඳතාවය බිඳීගිය අලුතදීම ජංගම දුරකතනය අක්‍රීය කර තබන්න. නොමැති නම් ඔබ තත්ත්පරෙන් තත්ත්පරය එදෙස බලන්නේ ඔහූගෙන්/ඇයගෙන් ඇමතුමක් ලැබී ඇතිද යන්නයි. එය මතකය අලුත් කරගැනීමකි.
6. තොරතුරු විමසීමට සහෝදර හෝ මිත්‍රකමට කතා බහ කිරීමට හෝ දුක පැවසීමට සේම ඇසීමට ඔහූට/ඇයට දුරකතනයෙන් නොඅමතන්න. ඔහූගේ/ඇයගේ ඇමතුම්වලට සවන් නොදෙන්න. ඔබ තරයේම සිතිය යූත්තේ කුමන පදනමක් මත හෝ ඔහූට/ඇයට නොඅමතන ලෙසිනි. එයට හේතුව ලෙසින් දෑක්විය යූත්තේ එය අනවශ්‍ය සබඳතාවයක් බවයි.
7. ඔහූ/ඇය ඔබ පිළිබඳ විවිධ පූද්ගලයන් සමග පැවසූ දේවල්වලට උත්තර බැඳීමටද ඉදිරිපත් නොවන්න.
නිතර හමූවන්න වූනොත්
ඇතැම් පෙම් සබඳතා බිඳ යෑමෙන් පසූව විඳින සිත් වේදනාව ප්‍රබල වශයෙන් දෙදෙනාට දැනෙන්නේ තව දුරටත් නිතර හමූවීමට සිදුවීම නිසාය. එකම කාර්යාලයේ, නිවෙස අසල සිටින දෙදෙනෙකු මිතුරෙකු සොයූරෙකු ආදී වශයෙන් වූ විටදීද නිතර හමූවීමක් සිදුවේ. එවන් අවස්ථාවලදී ඔබට කළ හැකි දේ.
1. හැකිනම් වෙන කාර්යාලයකට මාරුවක් ගැනීම
2. ඔහූව/ඇයව හැකිතරම් මඟහැරීම, දුටූවත් නොදුටූවාසේ යාම,
3. මිතුරන්ට ඒ බව දෑන්වීමෙන් ඔවූන් ඔබේ සහයට ඉදිරිපත් වී සිතට අවශ්‍ය ශක්තිය සැපයේ.
4. පෙර සේ එක්ව රාජකාරි කටයූතුවල නොයෙදීම
5. දෙදෙනා එකිනෙකාට දුන් සියලු දේ ආපසූ හූවමාරු කර ගැනීම.
වරදක් බව සිතන්න

පෙම් සබඳතාව බිඳී පෙම්වතිය හැර යාමෙන් මද කලකට පසූව ඔහූගේ/ඇයගේ සිතේ සියූම් කලකිරීමක් හෝ පසූතැවීමක් ඇති වේ. එයට හේතුව වන්නේ කුමන වැරදි තිබූණද ඔබේ යහපත් ගතිගුණ අලුත් පෙම්වතා/පෙම්වතිය ළඟ නොමැති වීමෙනි. එවිට ඔහූ කරන්නේ විවිධ පාපොච්චාරණයන් කිරීමට ඔබව හමූවීමට, සූහදව කතා බහ කිරීමට, සමීපව ඇසූරු කිරීමට ප්‍රියවීම හා ඒ බව දෑන්වීමය. බොහෝ කතුන්/පිරිමින් ඒ උගුලට අසූවේ. මන්ද ඔබ තවමත් ඔහූට/ඇයට ආදරය කරන හෙයින් ප්‍රතික්ෂේප කිරීමේ නොහැකියාවක් ඇතිවීමයි. නමූත් මෙහිදී ඔබ තේරුම් ගත යූත්තේ ඔහූ/ඇය හැරගියේ ඔබව සහමූලින්ම පිළිකුල් වීමෙන් හෝ අන් යූවතියකට ආදරය කිරීම හේතුවෙනි ඔබ අද තනිවී සිටියද ඔහූට එසේ තනිකමක් නොවේ. එහෙයින් ඔබ යනූ ඔහූට/ඇයට තව අයෙකු පමණි. එහෙත් තවමත් ඔබ ඔහූට ආදරය කරන හෙයින් ඔහූට සමීපවීමට ඉඩ ලබාදෙමින් සිදුවන්නේ ඔහූව/ඇයව අමතක කිරීම අසීරු වීමයි.
මෙම උපක්‍රමත් පිළිපදින්න.

හැරගිය ඔහූ/ඇය වෙනූවෙන් දුක්වීම අත්හැර දමා අලුත් සිතක් ගොඩනගා ගැනීමට මෙම උපක්‍රමයන්ද ඔබ අනූගමනය කරන්න.

1. ඔහූ/ඇය අමතක කිරීමට උත්සාහ නොකර ඔබ දෙදෙනාගේ සබඳතාවේ ස්වභාවය තක්සේරු කර බලන්න. ඔහූට/ඇයට දොස් පැවරීමට නොසිතන්න. මන්ද එය ක්‍රියාත්මක නොවේ. ඔහූ/ඇය සමග පැවති සබඳතාවේ ස්වභාවය තක්සේරු කරද්දී නිරායාසයෙන්ම ඔහූ/ඇය ඔබේ සිතින් ගිලිහී යෑමක් සිදුවේ.
2. ඔහූට/ඇයට වෛර කිරීමට නොසිතන්න. ඒ වෙනූවට ඔහූ/ඇය සමග බෙදාගත් සූන්දර අවස්ථාවන් නිබඳවම සිහිපත් කරන්න. එවිට ඉක්මනින්ම එය සිතට නැඟීම අවසන් වේ.
3. මද කලක් ගතවෙනතුරුම අලුත් සබඳතාවයක් ඇරඹීමට නොපෙළඹෙන්න. මූලින්ම ඔහූගේ/ඇයගේ හැරයාමට බලපෑ ඔබේ වැරදි අවබෝධ කරගැනීමට තරම් අවංක හා විවෘතවන්න නොමැති නම් මීළඟ පෙම්වතාද/පෙම්වතියද එම වැරදිවලට ඔබව හැරයනූ ඇත.
4. එම අත්දෑකීම් අධ්‍යයනය කරන්න. එවිට ඔබට නොගැලපෙන හා ගැලපෙන පිරිමින් පිළිබඳව වැටහීමක් ඇති කර ගත හැක.

එම ප්‍රේමය බිඳී යෑම පෞද්ගලිකව බලපාන්නක් බවට පත් කර නොගන්න. එසේ කළහොත් ඔබ ප්‍රබල මානසික බිඳීමකට පත්වීමකට හැකියි. එය සහමූලින්ම නොගැලපීමක් මත සිදුවූවක් හා ඔහූගේ වැරදි ක්‍රියාවක් මත සිදුවූවක් යැයි සිතන්න. එවිට ඔබට තවත් පූද්ගලයෙකු සමග සබඳකමක් ඇති කරගැනීමට හැකිවේ.


                                                      **** උපුටා ගැනීමකි ******

Friday, October 12, 2012

අමර ප්‍රශ්න

*~*~*~*~*~~*~*~*~~*~*~*~
මට තියෙනවා උඹෙන් ප්‍රශ්නයක් අහන්න හොඳට හිතල බලලා උත්තරයක් දීපන්....
අපි මේ මහා ලොකුවට කියවනවා...
උඹ මොනවද දන්නේ ජිවිතේ ගැන,
මම මොනවද දන්නේ,
කෙලින්ම කිව්වොත් උඹට කියන්න පුලුවන්ද හෙට මොනවා මොනවා සිද්ධ වෙයිද කියල අපේ ජීවිතවල...
නිකන් බොරුවට තමන්ගේ මාන්නේ අනුන්ට පෙන්න පුප්පන්න එපා..
පුප්පපුවා පාප්ප කරලා තාප්පවල ගාන්නයි  වෙන්නේ මෙහෙම ගියොත්..
ඒක නිසා හිතපන්....එකපාරක් ,දෙපාරක් එහෙමත් නැත්තම් සිය දහස් වාරයක් හිතපන්...
 අපි මහා ලොකුවට හිතාගෙන හිටියට මහා ලොක්කෝ,අපි තමයි අත්දැකීම් තියෙන හොඳම අය කියල ....හරි පැත්ත බලද්දි උඹට කන්නාඩියක් ලඟට ගිහින් මුනවත් බලන්න බැරි තරමට ලජ්ජා හිතෙයි ...
මම කියන්නේ බොරුද කියලා ,තියෙන වැඩ ටිකකට නවත්තලා හිතල බලපන්..

එහෙනම් ඇයි බං මේ ..
ඇයි මේ..
කල්පනා වෙනවද..
මොකක්ද මේ ජිවිතේ...
පැහැදිලි පිළිතුරක් තියෙනවද උඹට ..???
~~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Friday, September 28, 2012

~~*~*~*~*~මට විතරද ...මගේ විතරද *~*~**~*~

ඉස්සෙලම කටාගේ අඩවිය පටන් ගන්න හිතුවේ ගීත රසවින්දනයකින් ...
මොකද ඉතිං ඔය කටාව දන්නා කට්ටිය එහෙම දන්නවා ඇතිනේ කටා කියන්නේ සින්දුවක් අහන්න ගියාම ඒ සිංදුවේ අම්මා අප්පා පවා හොයන එකෙක් කියලා ..ඉතිං ඒ නිසා දන්න දෙයින් එපැයි පටන් ගන්න ...

කටා දන්න දේවල් බෙදාගන්නම් ඔයාලත් එක්ක..අදහස් එකතු කරලා වැරදිනම් නිවැරදි කරන්න
===============================================================



මුදු මුහුණේ සුව දැනුනේ
පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද

පුළුලුකුලේ සුව යහනේ
නිදි වරුවේ මම විතරද
උර තලයේ හිස රන්ඳා
සුව වින්ඳේ  මං විතරද

ඉඟ නෙරියේ රැලි බින්දේ
පිය ළඳුනේ මං විතරද
ඉඟ නෙරියේ රැලි සැදුවේ
හිමි සඳුනේ මගේ විතරද


ගායනය  - කරුණාරත්න දිවුල්ගනේ මහතා සමගින් දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය 


මේක  කියවන ඔයා  දැනටමත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වෙන්න පුළුවන්.බොහෝ විට ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා ඔබේ පළමු පෙම විය හැක....
 ඒත් සමහර
 අවස්ථාවලදී එය එසේ නොවේ.දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.
ඉතින් ආදරය කරන  හුගක් අයියලා අක්කලා  කියන දෙයක්  දෙයක් තමයි
"මට එයාගේ පරණ සම්බන්ධකම්වලින් වැඩක් නෑ.අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉන්නෙ"කියන එක.

ඒත් ඇත්ත ඒක නෙවෙයි නේ.
එහෙම කියන ගොඩක් දෙනෙක් කැමතියි තමන්ගෙ සහකරු හෝ සහකාරියගේ අතීතය හොයන්න.
තමන්ට කෙලින්ම අහල දැන ගන්න බැරි නම් වෙනත් අය ලවා හෝ ඒ විස්තර හොයල දැන ගන්න කැමතියි.එක අතකට ඒක වැරදියි කියන්නත් බෑ.තමන් ආදරය කරන කෙනා ගැන ගොඩක් දැන ගෙන ඉන්න එක හොඳයි කියලයි මම හිතන්නෙ.

ඉතින් මෙන්න මේ වගේ සිද්ධියක් ගැන විස්තර කරන ගීතයක්  තමයි"මුදු මුහුනේ සුව දැනුනෙ" කියන ගීතය.
මේ ගීතය කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ දීපිකා ප්‍රියදර්ශණී මෙනවිය විසින් ගායනා කරන ලද්ද්කි.
තනුව හා පද රචනය ගැන විස්තරනම් හොයාගන්න බැරුව ගියා .මට හිතෙන විදිහටනම් මේකේ  තනුව රෝහන වීරසිංහයන්ගේ වෙන්න පුළුවන්.

අපොයි මේ මොනාද මං කියවන්නේ පිස්සුද මන්දා..
.
අනේ සමාවෙන්න ඕන...
ඔන්න එහෙනම් ගීතය ගැන මට දැනෙන දේ මම අකුරු කරනවා ...

මේ පෙම්වතුන් යුවලගෙන් පිරිමි පාර්ශවයට තම ප්‍රේමවන්තිය ගැන යම් සැකයක් උපදින අතර ඔහු කෙලින්ම ප්‍රේමවන්තියගෙන් මේ ගැන අහනවා...
(හැබැයි ඒක සැකයමයි කියලා කියන්නත් බෑ...ඒත් දැනට මම ඒ වචනේ කියන්නම්) ...

ඔන්න ඉතින්  
මේ ප්‍රේමවන්තිය ටිකක් විතර කපටියි.මොකද තම ප්‍රේමවන්තයා අහන ප්‍රශ්නයට  උත්තර දෙන්නේ නැතුව  ඇය පෙරලා ප්‍රේමවන්තයාගෙන් ප්‍රශ්න කිරීමක් කරයි.මේ ගීතය පුරාම මේ ප්‍රශ්න ඇසීම හා ඊට උත්තර වෙනුවට ප්‍රශ්න ඇසීම දකින්න පුළුවන්.

ඕනම ප්‍රෙමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්.මෙය කුලුගැන්වෙන යෙදුමක් මේ ගීතයේ මුල් අන්තරා කොටසේ මෙසේ සඳහන් වෙනවා
                                                    
"පුලුළුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද "

 සාමාන්‍යයෙන් ප්‍රේමවන්තයන් කැමතියිනෙ තමාගේ පෙම්වතියගේ උකුලේ ඔලුව තියාගෙන නිදා ගන්න.(අත්දැකීමෙන් නෙමෙයි අනේ ...මම අහලා තියෙන නිසයි කිව්වේ )
ඉතින් ඔහොම ඉද්දි මේ මේ ප්‍රේමවන්තයාට හිතෙනවා මම විතරද මේ උකුලේ මේ විදිහට හිටියෙ කියල.
අන්න ඒ ප්‍රශ්නෙට
 කෙල්ල එක එල්ලෙ උත්තර දෙන්නෙ නැතුව කොල්ලගෙන් මෙහෙම අහනවා
                                              
"උර තලයේ හිස රන්දා සුව වින්දේ මං විතරද "
හරිනේ...දැන්  කාලා වරෙන්කො...
කොහොමද කෙල්ලගේ ටිකිරි මොලේ.....
ගීතයේ දෙවන අන්තරා කොටසේදී කොල්ලා මෙහෙම අහනවා
                                                   
"ඉඟ නෙරියේ ‍රැළි බින්දේ පිය ලඳුනේ මං විතරද"
(ලැජ්ජයි වගේ අප්පා)
අස්ස කුලප්පුවෙන් ආදරය කරන අයට ආදරයයි රාගයයි දෙක වෙන් කරල හඳුනා ගන්න බැහැනෙ.
ඉතින් ඒවගේ අය බැන්දට පස්සෙ කරන්න තියෙන වැඩ කලින්ම කරනවානේ.ඉතින් මෙතනදිත් කොල්ලා හිතනවා මම තමයි වාසනාවන්තයා මේ කෙල්ල මගේ කියල.කොල්ල නිකමට වගේ අහනවා
"මමනෙ පළවෙනියා නේද?"
කෙල්ලත් වැඩිය සීරියස් නැතුව
ඉඟ නෙරියේ ‍රැලි සැදුවේ හිමි සඳුනේ මගේ  විතරද?”
"මමත් ඔයාගේ පළවෙනියා නෙවේ නේද?" කියල අහනවා....
ගහපු පදේකුත් නෑ...බෙරේ පලුවකුත් නෑ කියන්න වගේ කෙල්ලයි කොල්ලයි එදා හම්බෙලා ඔච්චරම තමයි අහන්න ඇත්තේ...අපරාදෙනේ අනේ...නේද....

ඇත්තම කියනවනම් මේ සිද්දිය ඒ කාලේදී වෙච්ච දෙයක් නිසා හොදයි...මේ ලඟකදී එහෙම මේක උනානම් වගකීමෙන් කියන්න පුළුවන් මේ සිංදුව මෙච්චර දිග වෙන්නේ නෑ ..
මොකද දන්නවද..දැන් කාලේ කොල්ල කෙල්ලගෙන් හරි කෙල්ල කොල්ලගෙන් හරි මෙහෙම ඇහුවනම් මටනම් හොදටම ෂුවර් ඒ ආදර කතාව එතනින් ඉවරයි කියලා...

ඉතින් එතනින් එහාට කතා වැඩක් නෑ.මම හිතන විදිහට ගොඩක් සුන්දර තේරුමක් තියෙන අහගෙන ඉන්න පුලුවන් විදිහේ තනුවක් තියෙන හිතට වැදෙන ගීතයක් තමයි මේ...ඒ වගේම මේ ගීතයේ තනුවත් විශේෂයෙන්ම බලපානවා අපේ හදවත්වලට මේ සිංදුව ලං කරන්න....

මේකත් කියන්නම ඕනේ දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය මේ ගීතයට ලොකු සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා මේ සිංදුව අහන ඔයාලාටම තේරෙයි....දිවුල්ගනේ මහහ්මයත් එහෙමයි...


හා..හා... හැබැයි මේ සිංදුව අහලා ගිහින් ඔයා ආදරය කරන කෙනාගෙන් එහෙම මේ වගේ දේවල් අහනවා නෙමෙයි...ගුටි කන්නත් වෙයි....
අන්තිමට කටා මල්ලිටත්  පව් පිරෙයි පවුල් කඩාකප්පල් කෙරුවයි කියලා.... 

ඔන්න  සිංදුවේ වීඩියෝවත් එක්කම තියෙනවා ...

ඔන්න එහෙනම් මේ සිදුවත් අහලා බලා හිතට දැනෙන දේ ඔන්න ඔතන පහලින් තියෙන කොටුවේ කොටලා යන්නකෝ....
එහෙනම් අපි ගියා ...අයෙත් දවසක හමු වීමේ බලාපොරොත්තුව ඇතිව...

 මෙන්න එහෙනම් සිංදුව බාගන්න ඕන කට්ටිය මෙතනින් ගන්න .
 

 

කටාට කොටලම යන්න

is loading comments...