Friday, October 12, 2012

අමර ප්‍රශ්න

*~*~*~*~*~~*~*~*~~*~*~*~
මට තියෙනවා උඹෙන් ප්‍රශ්නයක් අහන්න හොඳට හිතල බලලා උත්තරයක් දීපන්....
අපි මේ මහා ලොකුවට කියවනවා...
උඹ මොනවද දන්නේ ජිවිතේ ගැන,
මම මොනවද දන්නේ,
කෙලින්ම කිව්වොත් උඹට කියන්න පුලුවන්ද හෙට මොනවා මොනවා සිද්ධ වෙයිද කියල අපේ ජීවිතවල...
නිකන් බොරුවට තමන්ගේ මාන්නේ අනුන්ට පෙන්න පුප්පන්න එපා..
පුප්පපුවා පාප්ප කරලා තාප්පවල ගාන්නයි  වෙන්නේ මෙහෙම ගියොත්..
ඒක නිසා හිතපන්....එකපාරක් ,දෙපාරක් එහෙමත් නැත්තම් සිය දහස් වාරයක් හිතපන්...
 අපි මහා ලොකුවට හිතාගෙන හිටියට මහා ලොක්කෝ,අපි තමයි අත්දැකීම් තියෙන හොඳම අය කියල ....හරි පැත්ත බලද්දි උඹට කන්නාඩියක් ලඟට ගිහින් මුනවත් බලන්න බැරි තරමට ලජ්ජා හිතෙයි ...
මම කියන්නේ බොරුද කියලා ,තියෙන වැඩ ටිකකට නවත්තලා හිතල බලපන්..

එහෙනම් ඇයි බං මේ ..
ඇයි මේ..
කල්පනා වෙනවද..
මොකක්ද මේ ජිවිතේ...
පැහැදිලි පිළිතුරක් තියෙනවද උඹට ..???
~~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

No comments:

Post a Comment

කටාට කොටලම යන්න

is loading comments...