ඉස්සෙලම කටාගේ අඩවිය පටන් ගන්න හිතුවේ ගීත රසවින්දනයකින් ...
මොකද ඉතිං ඔය කටාව දන්නා කට්ටිය එහෙම දන්නවා ඇතිනේ කටා කියන්නේ සින්දුවක් අහන්න ගියාම ඒ සිංදුවේ අම්මා අප්පා පවා හොයන එකෙක් කියලා ..ඉතිං ඒ නිසා දන්න දෙයින් එපැයි පටන් ගන්න ...
කටා දන්න දේවල් බෙදාගන්නම් ඔයාලත් එක්ක..අදහස් එකතු කරලා වැරදිනම් නිවැරදි කරන්න
===============================================================

මුදු මුහුණේ සුව දැනුනේ
පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද
පුළුලුකුලේ සුව යහනේ
නිදි වරුවේ මම විතරද
උර තලයේ හිස රන්ඳා
සුව වින්ඳේ මං විතරද
ඉඟ නෙරියේ රැලි බින්දේ
පිය ළඳුනේ මං විතරද
ඉඟ නෙරියේ රැලි සැදුවේ
හිමි සඳුනේ මගේ විතරද
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ මහතා
සමගින් දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය
මේක කියවන ඔයා දැනටමත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වෙන්න පුළුවන්.බොහෝ විට ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා ඔබේ
පළමු පෙම විය හැක....
ඒත් සමහර අවස්ථාවලදී එය එසේ නොවේ.දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.
ඉතින් ආදරය කරන හුගක් අයියලා අක්කලා කියන දෙයක් දෙයක් තමයි
"මට එයාගේ පරණ සම්බන්ධකම්වලින් වැඩක් නෑ.අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉන්නෙ"කියන එක.
ඒත් ඇත්ත ඒක නෙවෙයි නේ.
එහෙම කියන ගොඩක් දෙනෙක් කැමතියි තමන්ගෙ සහකරු හෝ සහකාරියගේ අතීතය හොයන්න.
තමන්ට කෙලින්ම අහල දැන ගන්න බැරි නම් වෙනත් අය ලවා හෝ ඒ විස්තර හොයල දැන ගන්න කැමතියි.එක අතකට ඒක වැරදියි කියන්නත් බෑ.තමන් ආදරය කරන කෙනා ගැන ගොඩක් දැන ගෙන ඉන්න එක හොඳයි කියලයි මම හිතන්නෙ.
ඉතින් මෙන්න මේ වගේ සිද්ධියක් ගැන විස්තර කරන ගීතයක් තමයි"මුදු මුහුනේ සුව දැනුනෙ" කියන ගීතය.
මේ ගීතය කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ දීපිකා ප්‍රියදර්ශණී මෙනවිය විසින් ගායනා කරන ලද්ද්කි.
තනුව හා පද රචනය ගැන විස්තරනම් හොයාගන්න බැරුව ගියා .මට හිතෙන විදිහටනම් මේකේ තනුව රෝහන වීරසිංහයන්ගේ වෙන්න පුළුවන්.
අපොයි මේ මොනාද මං කියවන්නේ පිස්සුද මන්දා...
අනේ සමාවෙන්න ඕන...
ඔන්න එහෙනම් ගීතය ගැන මට දැනෙන දේ මම අකුරු කරනවා ...
මේ පෙම්වතුන් යුවලගෙන් පිරිමි පාර්ශවයට තම ප්‍රේමවන්තිය ගැන යම් සැකයක් උපදින අතර ඔහු කෙලින්ම ප්‍රේමවන්තියගෙන් මේ ගැන අහනවා...
(හැබැයි ඒක සැකයමයි කියලා කියන්නත් බෑ...ඒත් දැනට මම ඒ වචනේ කියන්නම්) ...
ඔන්න ඉතින් මේ ප්‍රේමවන්තිය ටිකක් විතර කපටියි.මොකද තම ප්‍රේමවන්තයා අහන ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතුව ඇය පෙරලා ප්‍රේමවන්තයාගෙන් ප්‍රශ්න කිරීමක් කරයි.මේ ගීතය පුරාම මේ ප්‍රශ්න ඇසීම හා ඊට උත්තර වෙනුවට ප්‍රශ්න ඇසීම දකින්න පුළුවන්.
ඕනම ප්‍රෙමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්.මෙය කුලුගැන්වෙන යෙදුමක් මේ ගීතයේ මුල් අන්තරා කොටසේ මෙසේ සඳහන් වෙනවා
"පුලුළුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද "
සාමාන්‍යයෙන් ප්‍රේමවන්තයන් කැමතියිනෙ තමාගේ පෙම්වතියගේ උකුලේ ඔලුව තියාගෙන නිදා ගන්න.(අත්දැකීමෙන් නෙමෙයි අනේ ...මම අහලා තියෙන නිසයි කිව්වේ )
ඉතින් ඔහොම ඉද්දි මේ මේ ප්‍රේමවන්තයාට හිතෙනවා මම විතරද මේ උකුලේ මේ විදිහට හිටියෙ කියල.
අන්න ඒ ප්‍රශ්නෙට කෙල්ල එක එල්ලෙ උත්තර දෙන්නෙ නැතුව කොල්ලගෙන් මෙහෙම අහනවා
"උර තලයේ හිස රන්දා සුව වින්දේ මං විතරද "
හරිනේ...දැන් කාලා වරෙන්කො...
කොහොමද කෙල්ලගේ ටිකිරි මොලේ.....
ගීතයේ දෙවන අන්තරා කොටසේදී කොල්ලා මෙහෙම අහනවා
"ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ලඳුනේ මං විතරද"
(ලැජ්ජයි වගේ අප්පා) අස්ස කුලප්පුවෙන් ආදරය කරන අයට ආදරයයි රාගයයි දෙක වෙන් කරල හඳුනා ගන්න බැහැනෙ.
ඉතින් ඒවගේ අය බැන්දට පස්සෙ කරන්න තියෙන වැඩ කලින්ම කරනවානේ.ඉතින් මෙතනදිත් කොල්ලා හිතනවා මම තමයි වාසනාවන්තයා මේ කෙල්ල මගේ කියල.කොල්ල නිකමට වගේ අහනවා
"මමනෙ පළවෙනියා නේද?"
කෙල්ලත් වැඩිය සීරියස් නැතුව
“ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතරද?”
"මමත් ඔයාගේ පළවෙනියා නෙවේ නේද?" කියල අහනවා....
ගහපු පදේකුත් නෑ...බෙරේ පලුවකුත් නෑ කියන්න වගේ කෙල්ලයි කොල්ලයි එදා හම්බෙලා ඔච්චරම තමයි අහන්න ඇත්තේ...අපරාදෙනේ අනේ...නේද....
ඇත්තම කියනවනම් මේ සිද්දිය ඒ කාලේදී වෙච්ච දෙයක් නිසා හොදයි...මේ ලඟකදී එහෙම මේක උනානම් වගකීමෙන් කියන්න පුළුවන් මේ සිංදුව මෙච්චර දිග වෙන්නේ නෑ ..
මොකද දන්නවද..දැන් කාලේ කොල්ල කෙල්ලගෙන් හරි කෙල්ල කොල්ලගෙන් හරි මෙහෙම ඇහුවනම් මටනම් හොදටම ෂුවර් ඒ ආදර කතාව එතනින් ඉවරයි කියලා...
ඉතින් එතනින් එහාට කතා වැඩක් නෑ.මම හිතන විදිහට ගොඩක් සුන්දර තේරුමක් තියෙන අහගෙන ඉන්න පුලුවන් විදිහේ තනුවක් තියෙන හිතට වැදෙන ගීතයක් තමයි මේ...ඒ වගේම මේ ගීතයේ තනුවත් විශේෂයෙන්ම බලපානවා අපේ හදවත්වලට මේ සිංදුව ලං කරන්න....
මේකත් කියන්නම ඕනේ දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය මේ ගීතයට ලොකු සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා මේ සිංදුව අහන ඔයාලාටම තේරෙයි....දිවුල්ගනේ මහහ්මයත් එහෙමයි...
හා..හා... හැබැයි මේ සිංදුව අහලා ගිහින් ඔයා ආදරය කරන කෙනාගෙන් එහෙම මේ වගේ දේවල් අහනවා නෙමෙයි...ගුටි කන්නත් වෙයි....
අන්තිමට කටා මල්ලිටත් පව් පිරෙයි පවුල් කඩාකප්පල් කෙරුවයි කියලා....

ඔන්න සිංදුවේ වීඩියෝවත් එක්කම තියෙනවා ...
ඔන්න එහෙනම් මේ සිදුවත් අහලා බලා හිතට දැනෙන දේ ඔන්න ඔතන පහලින් තියෙන
කොටුවේ කොටලා යන්නකෝ....
එහෙනම් අපි ගියා ...අයෙත් දවසක හමු වීමේ බලාපොරොත්තුව ඇතිව...

මෙන්න එහෙනම් සිංදුව බාගන්න ඕන කට්ටිය මෙතනින් ගන්න .
No comments:
Post a Comment